Archive | Buddhism RSS feed for this section

$pankara Buddha predicts Buddhahood for Sumedha

18 Jul $pankara Buddha predicts Buddhahood for Sumedha - Psd Anthony

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන් වහන්සේ ත්‍රිවේදය, ලක්ෂණ ශාස්ත්‍රය, ඉතිහාසය ආදී බොහෝ ශාස්ත්‍රයන්හි පරතෙරට ම ඉගෙන ගත්තේය. Continue reading

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ

11 Jul Gautama Buddha Is The Greatest Psychiatrist

නූතන බටහිර වෛද්‍ය විද්‍යාව පරදන බුදුරජාණන් වහන්සේගේ අදින් වසර 2600කට පෙර සොයා ගත් මානසික සෞඛ්‍ය පිළිබඳ අසිරිමත් දැනුම.

ලෝකයේ සියලු උපදේශන සේවාවන් අබිබවාලන බෞද්ධ උපදේශන සේවාවේ සුවිශේෂත්වය මේ ලිපියෙන් අනාවරණය කැරේ. Continue reading

බුද්ධානුස්සති භාවනාව

5 Jul buddhanussathi-bawana-banner

අප සරණ ගිය ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්‍ධය සිහිපත් කිරීම බුද්ධානුස්සති භාවනාව වේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්‍ධය මෙපමණකැයි කියා නිම කළ නොහැකි තරම් වේ. ඒ නිසා භාවනාවට උපකාර වනු පිණිස ‘ඉතිපි සො භගවා අරහං’ යනාදි පාඨයේ එන පිළිවෙලට නව අරහාදි බුදුගුණ සිහිපත් කරගැනීම පහසු වේ. Continue reading