නංගිව මරා දැමූ මිනිමරුවන් සොයා ගිය හිතුමතේ ජීවිතේ – බී. ඩී. සුමිතිපාල

19 Sep

නංගි වෙනුවෙන් හතර පාරක් එල්ලුම් ගහට නියම වෙලා. හතර දෙනෙක්ව මරලා. තාමත් ජීවතුන් අතර ඉන්න වීරයෙක්.

නමින් බටුගහගේ දොන් සුමතිපාලගෙ පියා හාබර් එකේ වැඩ කරපු කෙනෙක්. ඒ නිසාම පියා ගෙදර එන්නෙ මාසෙට පාරක් වගේ. මව ඉස්පිරිතාලයක මිසී කෙනෙක්. මවගෙ රැකියාව නිසා දවස් ගනන් සති ගනන් ගෙදර එන්න හැකියාවක් හම්බ වෙන්නෙ නෑ. අම්මගෙයි තාත්තගෙයි රැකියාව නිසාම කුසුමාවතීට තාත්තගෙ අම්මගෙ සෙනෙහස දෙකම ලැබුනෙ සුමතිපාලගෙන්. මේ සිදුවීම වෙනකොට සුමතිපාල උසස් පෙල විබාගය අවසන් කරල දින 3යි.

එදා කලුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයෙ බක් මහ අවුරුදු කුමාරි තරගයයි. මේ තරගයේ පලමු තැනට තේරි පත් වීමට තමන්ගෙ නැගනිය කුසුමාවතීට හැකි වෙනව. මේ සුරූපි වයස 17ක තරුනිය අවුරුදු දිනට පසු දිනයක පාසල් යනකොට එක වරම අතුරුදහන් වෙනව.

හැම තැනම තමන්ගෙ නංගිව හොයපු සුමතිපාලට අහන්න ලැබුනෙ නංගි කොල්ලෙක් එක්ක පැනල ගියා කියන ආරන්චිය විතරයි. ඒත් නංගිව හොයන එක කොයි වෙලේකවත් සුමතිපාල අතෑරියෙ නෑ. තමන්ගෙ ජීවිතේ වැඩියෙන්ම ආදරය කරපු කෙනා තමන්ගෙ නංගි නිසා ගති ගුන හොදින්ම සුමතිපාල දන්නව. මේ සිද්දියෙන් දවස් 14කට විතර පස්සෙ නංගි අතුරුදහන් වෙන දවසෙ එකට පාසල් ගියපු මිතුරියක් සුමතිපාලට එදා වෙච්ච සිදුවීම අකුරක් නෑර කියන්න ගත්තට පස්සෙ තමා සුමතිපාලගෙ ජීවිතේ වෙනස් වෙන්න ගන්නෙ.

කුසුමාවතීව එදා පැහරගන ගියේ වෙන කවුරුත් නෙමෙ තිස්ස විද්‍යලයේදි කුසුමාවතීට කිරුලු පැලදවපු පොලිස් නිලදාරි IP දිසානායක. මේ බව කාටවත් නොකියන ලෙසට ගෙදරින් පොරොන්දු කරගත්ත නිසා තමා කුසුමාගෙ යාලුවා සද්ද නොකර හිටියෙ. මේ සිද්දිය දැනගත්ත සුමතිපාල කෙලින්ම ip දිසානායක හම්බ වෙන්න ගියත් වැඩක් උනේ නෑ. අතුරුදහන් වීම පැමිනිල්ලක් විදියට ලියාගන්න බැරි බවටත් පරීක්ශන පැවත්වීමට හැකියාවක් නැ කියලා සුමතිපාලව පොලිසියෙන් පන්නගන්නව.

සිද්දිය හොද හැටිම දන්න සුමතිපාල රබර් කිරි කපන උල් පිහියක් අරගන දිසානායකගෙ රියදුරා එනකම් රබර් වත්තෙ මඩුවක ඉදල රැකගන ඉන්නව (රියදුරුගෙ ගෙදර තියෙන්නෙ රබර් වත්ත කෙලවරෙ) බීමතින්‍ රබර් වත්ත මැද්දෙන් ආපු රියදුරු විල්සන්ට පිහිය පෙන්නලා බය කරලා හැම සිද්දියක්ම එකක් නෑර අහගන්නව.

(කුසුමා ip දිසානායක පැහරගන ගිහින් මීගමුව කොච්චිකඩේ දිසානායකගෙ මස්සිනාගෙ තානායමේදි මස් කඩ මුදලාලි කෙනෙකුයි ඉස්කෝලෙ විදුහල්පතියි, දිසානායකයි. දිසානායකගෙ මස්සිනයි දවස් 5ක් තිස්සෙ කුසුමාව දූශනය කරල පුච්චලා මරලා දාලා)

ඝාතනයක ඇරබුම

සුමතිපාල එදා ‍රියදුරු විල්සන්ව මරන්න ගියේ නෑ. විල්සන්ව අතෑරලා ජීවිතේ ලොකුම දුක විදගන සුමතිපාල කලුතර ටවුමෙ කම්මල් කාරයෙක් ලගට එනව. කඩෝලාන කපන්න කියල හොද වක් පිහියක් හදාගන්න සුමතිපාල ගෙදර තිබ්බ පන් මල්ලකට වක් පිහිය ඔබාගන ip දිසානායකගෙ ගෙදර වත්තට යනව. මේ වෙනකොට වෙලාව රාත්‍රි 8ට විතර ඇති. කෙසෙල් පදුරකට මුව වෙලා පොලිස් නිල රථය එනකම් බලා හිටපු සුමතිපාල මැදියම් රාත්‍රියේදි දිසානායකගෙ වත්තෙ තියන ලිදට මුවා වෙලා දිසානායක එනකම් බලා හිටියත් ඒ අවස්තාව උදා උනේ නෑ. කොහොම හරි පාන්දර 5 වෙනකම් කිසිම නින්දක් නොලබා ලිදට මුවා වෙලා හිටපු සුමතිපාල දකිනව දිසානායක ගෙදර ලයිට් දල්වගන ඉස්තෝප්පුවට එන විදිය. ඊ තලේ විද්දා වගෙ ලිද ලග හිටපු සුමතිපාල ඉස්තෝප්පුවෙ හිටපු දිසානායකගෙ හිස කඳින් වෙන් කලා. තමන්ගෙ ගොදුර ඩැහගත්ත සුමතිපාල දිසානායකගෙ ඔලුව පම් මල්ලෙ ඔබාගන පාන්දර 5ට අතුරුපාරවල් දිගේ දුවන්න ගත්තා. වයස 17ක පුන්චි කොල්ලෙක් වෙච්ච සුමතිපාල කෙලිම්ම යන්නෙ පොලිස් නිල නිවාස සංකීර්නය වෙතට. ජේෂ්ඨ පොලිස් නිලදාරිගෙ නිල නිවසට ආපු සුමතිපාල පම් මල්ලෙ ඔබාගත්ත ip දිසානායකගෙ ඔලුව පොලිස් අධිකාරිතුමාට බාර දුන්නා.

“මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ, නංගි මරපු එකාව මන් හොයාගත්තා, මන් මගේ රාජකාරිය කලා දැන් තියෙන්නෙ ඔබතුමාගෙ රාජකාරිය කරන වෙලාවයි”

සුමතිපාලගෙ කට උත්තරයේදි කියල තියනව දිසානායක එයාගෙ අන්තිම ගොදුර නොවන බවට.

වයස 18 සම්පූර්න නැති නිසා නඩු විබාගෙ මාස 5කට කල් ගිහින් 1975 මාර්තු මාසෙ නඩු විබාගය අවසන් වෙනව. ජූරි සබාවෙ වැඩි මනාපය අනුව මනුශ්‍ය ඝාතනයකට වැරදිකරු වෙලා මැයි මාසෙ 7 වන දින උදේ 8.05ට සුමතිපාලව එල්ලා මැරීමට මහාධිකාරනයෙන් තීන්දු කරනව.

කතාව ඉවරයි කියලද හිතුවෙ. කතාව ඉවර නෑ. අනුරාදපුරේ මරු සිරා, හොද පපුවා, බඹරා, කැලැත්තෑවෙ ඇල්ප්‍රඩ් සොයිසා, කලු ඇල්බට්, විලී මාම යන අය සමග බටුගහගේ දොන් සුමතිපාල තමා ඒ කාලෙ බෝගම්බර කෙරුමක්කාරයො ටික. මේ කන්ඩායමෙ බාලම කෙනා තමා සුමතිපාල.

සුමතිපාලගෙ හිතේ මරණ බිය කියන දේ එදා තිබුනෙ නෑ කියල පස්සෙ කාලෙක සුමතිපාල විසින්ම ප්‍රකාශ කරල තියනව. නැගනියව මරාපු උන් ගැන තිබ්බ වෛරය නිසාම සුමතිපාල අපායට යන්න උනත් උන් එක්ක යන බවට අධිශ්ටාන කරගන්නව.
1975 මැයි 7 වන දින උදේ 8.05ට පෝරකයට යන්න ඉන්න සුමතිපාල බැලීමට මැයි 6 වන දින උදේ තමන්ගෙ මව බෝගම්‍බරට එනව. දුවගෙ අහිමි වීම වගේම පුතාගෙ අහිමි වීමත් ඉවසගන්න බැරි උන සුමතිපාලගෙ මව පපුවෙ අමාරුවක් නිසා මැයි 6 වන දින මිය යනව. ඒ ශෝකයත් කැටි කරගත්ත සුමතිපාල එදා රෑ තමන්ගෙම කෑම පිගාන ගල් වල අතුල්ලලා මුවහත් කරන් උදරය සහ බෙල්ල කීප වරක්ම කපා ගන්නව.

වහාම මහනුවර රෝහලට ඇතුලත් කරපු සුමතිපාලව ප්‍රදාන ශල්‍ය වෛද්‍යවරයා සහ වෛද්‍යවරු තුන් දෙනෙක් විසින් පැය 4ක පමන වෙහෙසක් දරලා කොහොම හරි සුමතිපාලගෙ ජීවිතය බේරගන්නව.

මැයි 7 වන දින පාන්දරම රෝගියාව බේරගත්ත ශල්‍ය වෛද්‍යවරුන් එක්ක බන්දනාගාර නිලදාරින් වාදයකට පැටලෙන්න ගන්නව. මොකද තව පැය කීපයකින් සුමතිපාලව එල්ලුම් ගස් යවන්න ඕන. ඒත් තමන් සතුව ඉන්න රෝගියාව මරන්න ඉඩ දෙන්න වෛද්‍යවරු කැමති උනේ නෑ. කොහොම හරි මේ තර්කයෙන් බන්දනාගාර නිලදාරින් ජයග්‍රහනය කල අතර සුමතිපාලව එල්ලුම් ගහට ගෙනියනව.

එල්ලුම් ගහට නියම වෙච්ච රෝගියකුට නිදහස ලබා දීමට හැකියාව 1970 දශකයේදි පැවරිලා තිබ්බෙ අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහත්මයට විතරයි. උදේ 7ට පමන වෛද්‍යවරු විසින් විලියම් ගොපල්ලව මහතාට පනිවිඩයක් යවන්න සූදානම් වෙනව. ඒත් එහෙම මරන දන්ඩනයට නියම වෙච්ච රෝගියෙක් නිදහස් කරන්න නම් ලිපි ලේඛන රාශියක් අත්සන් කරන්න වෙනව වගේම මාස 3ක කාලයක් බලන් ඉන්න වෙනව. ඒත් මේ වෙලාවෙ ඒ දේ ප්‍රායොගික නෑ.

වෛද්‍යවරු පරාජය පිලිගන්න කැමති උනේ නෑ. අග්‍රාන්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට කෙලිම්ම කතා කර්න්න වෛද්‍යවරු තීරනය කලා. මොකද රෝගියෙක් වගේම සුමතිපාල වයස 18 සපිරුනු පොඩි කොල්ලෙක් නිසා. මහනුවර අග්‍රාන්ඩුකාර නිල නිවසෙ හිටපු විලියම් ගොපල්ලව මහතා හමු වීමට කෙලිම්ම වෛද්‍යවරු පිට වුනා. 8.05ට සුමතිපාලව මරන්න තීන්දුයි.

ඉක්මනට සැරසිලා 7.50ට පමන බෝගම්බර බලා පිටත් වුන අග්‍රාන්ඩුකාර විලියම් ගොපල්ල මහත්තයා 8ට පමන බෝගම්බර එල්ලුම් ගහ ලගට එනකොටත් බාගෙට සිහසුන් වෙලා ඉන්න සුමතිපාලගෙ බෙල්ලට තොන්ඩුව දාලා කලු මූනු ආවරනයත් දාලා අලුගෝසුවා ලීවරය අදින්න සූදානම් වෙලයි හිටියෙ. එල්ලුම් ගහෙ තොන්ඩුවත් බෙල්ලට දාගන බේරිලා එන්න හැකියාව ලබපු එකම ලාංකිකයා විදියට සුමතිපාලගෙ නම ඉතිහාසෙට එකතු වෙන්නෙ මේ සිදුවීම නිසයි.

මේ සිද්දියෙන් පස්සෙ සුමතිපාලව ආපහු මහනුවර රෝහලට ඇතුලත් කරනව. වෛද්‍යවරුන්ගෙන් ආපහු සුමතිව බන්දනාගාරයට එක්ක යන්න අනුමැතිය ලැබුනෙ මාස දෙකකට පස්සෙ. නැවත මරණ දන්ඩනයට අධිකරණ අනුමැතියෙන් දිනයක් ලැබෙන තුරු සුමතිපාලව තනි හිර මැදිරියක කූඩු කරන්න බන්දනාගාර බලදාරින් තීරනය කරනව ඒත් මොකක්දෝ පෙර වාසනාවක් නිසා අධිකරන අනුමැතිය ලැබෙන දිනය දවසින් දවස පරක්කු වෙන්න ගත්තා.

නංගිව මරපු උන්ගෙන් එකෙක්වවිතරයි මැරුවෙ අනික් උන්ගෙන් පලිය ගන්න හිතාගන අධිකරණ තින්දුව එන්න කලින් හිරෙන් පනින්න සුමතිපාල තනිව සැලසුමක් ගහනව. මරනයට තීන්දු වෙච්ච හිර කාරයෙක් විදියට සුමති හිටපු අඩි 6×4 කාමරයෙ තිබ්බෙ සීමිත බඩු ප්‍රමානයක්. කෑම තැටිය, කෝප්පය, මළ බඳුන, වතුර ගෙනාපු බාල්දිය (කොට්ටුව) ඊට අමතරව රෙට්ටුවකුත් හිර මැදිරියෙ තිබුනා (ඝනකම් රෙද්දක්).

විශාල ගල් වලින් බැදල තිබ්බහිර ගෙදර එක ගලක් ඉවත් කලා නම් එලියට යාමට හොදටම ප්‍රමානවත් ඉඩක් හදාගන්න පුලුවන් නිසා ගල වටේට තියන බදාම තට්ටුව හැමෝම නින්දට ගියාම සුමතිපාල හාරන්න ගන්නව. ඔහුගෙ සිර මැදිරියට එපිට කොටසට රාත්‍රි කාලයේදි නිලදාරින් එන්නෙ නැති නිසා වැඩෙ පහසු උනා. බදාම කුඩු ටික පසුවදා උදේම බාල්දියට දාල බාල්දි කොක්ක ආපහු හයි කරලා සාමන්‍ය පරිදි දවල් කාලය ගත කරපු සුමතිපාල ගල වටේට වෙන කඩතොලු වහන්න උදේට හම්බ වෙන පාන් කෑල්ලෙ මැද කොටස ගුලි කරල ගල වටේට හයි කරනව. මේ විදියට මාස එක හමාරක් තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ගල හාරපු සුමතිපාල කොහොම හරි මේ විශාල ගල ගලවලා අයින් කරගන්නව.

අපෙ වීරයා දැන් කොහොම හරි කරල ගල ගලවගත්තා ඒත් බෝගම්බර හිර ගෙදර තාප්පය අඩි 18ක් උසයි. ඒක තරනය කරන එක සාමන්‍ය මනුස්සයෙක්ට කොහොමත් කරන්න බැරි දෙයක්. තමන්ට ලැබිල තිබ්බ රෙට්ටුවත් ඉරිලා දිරල ගිහින් තියෙන්නෙ. ඒ නිසා ඒක පාවිච්චියට ගන්න කොහොමත් බෑ. සුමතිපාලට හිතවත් වෙච්ච නිලදාරියෙක්ව කොහොම හරි දැලේ දාගන අලුත් රෙට්ටුවක් ඉල්ලගන්නව. අවශ්‍ය ආම්පන්න ඔක්කොම ලැබිල තියන සුමතිපාල ගල බුරුල් කරගන සති තුනකට පස්සෙ රාත්‍රි මුර සංචාරෙ යන අවසන් නිලදාරියත් යනකම් ඉදලා රෙට්ටුව තීරු වලට ඉරලා අඩි 12ක් පමන දිග හයිය ලනුවක් හදාගන ලනුව අගට බාල්දි කොක්ක රදවනව. සිර මැදිරියේ ගල තිබ්බ විදියටම තියල තියපු සුමතිපාල ගල අයින් කරල දාල සිරමැදිරියෙන් එලියට යනව තමන්ගෙ රෙට්ටුවෙන් හදාගත්ත කඹයත් එක්කම.

බෝගම්බරින් පැනල එලියට ගියපු සුමතිපාල ලගම තිබ්බ කැලෑව ඇතුලට රින්ගනව. කැලේ මැද්දෙන් ගිහින් ගරාජ් එකක වැලේ වනල තිබ්බ ඇදුමක් ඇදගත්ත සුමතිපාල ගන්නෝරුව ස්ටේශන් එකෙන් කෝච්චියකට නැගල වනවාසලින් බැහල හිරේදි අදුනගත්ත යාලුවෙක්ගෙ ගෙදරකට ගිහින් පොඩි නය මුදලකුත් ඉල්ලගන වාද්දුවෙ යාලුවෙක්ගෙ ගෙදරකට යනව.
කුසුමාව දූශනය කරපු දෙවෙනි පුද්ගලයා කලුතර ප්‍රදේශයේ කනිශ්ට පාසලක ගුරිවරයෙක්. කුසුමා යන එන තැන් පොලිසි නිලදාරියට ඔත්තු සපයපු පුද්ගලයා තමා මේ ගුරුවරයා.

වාද්දුවෙ මිතුරාගෙන් පාපැදියක් ඉල්ලගත්ත සුමතිපාල කලුතර නගරයේ ප්‍රදාන මාවත් මගහැරලා අතුරු පාරවල් වලින් ගුරුවරයගෙ ගෙදර හොයාගන බන්ඩාරගම පාර පුරාම ඇවිදින්න ගන්නව. පස්සෙ ගුරුවරයගෙ නිවස හොයාගත්ත සුමතිපාල එම නිවසින්ම වතුර එකක් ඉල්ලගන බීලා ආපහු පිටත් වෙනව. දැන් ගොදුර ඉන්න තැන ගොදුර කවුද කියන එක හොදටම දන්න නිසා ඊලගට තියෙන්නෙ ඝාතනය කරන පියවරට යන එක.

වාද්දුවෙ මිතුරාගෙ නිවසෙ සතියක් තිස්සෙ නැවතිලා හිටපු සුමතිපාල පොඩි වැඩ ටිකක් කරල පොඩි ගානක් හොයාගන වනවාසලට ඇවිල්ලා මීගමුවට යන්න කොච්චියට නගිනව. තමන් මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන නගරයක් වෙච්ච කොච්චිකඩේ නයගරා ගෙස්ට් හවුස් එක හොයාගන්න උත්සහා කලත් ඒක එච්චර අමාරු දෙයක් උනේ නෑ. අසල තේ කඩයකින් තේ එකක් බොන්න ගියපු සුමතිපාල මුදලාලි එක්ක කතාවට වැටුනමයි දැනගන්නෙ නයගරා ගෙස්ට් හවුස් එකේ වෙන නොහොබිනා වැඩ නගරය පුරාම ප්‍රසිද්දයි කියල (කුසුමාව දූශනය කරපු තැන).. ගෙස්ට් හව්ස් එකෙ අයිතිකාර ipගෙ මස්සිනාව හොදට දැක බලාගත්ත සුමතිපාල ගොදුර හොදට මතක තියාගන ආයමත් වනවාසලට යනව.

දෙවෙනි ඝාතනය

ගොදුරු දෙකක මුහුනු ලස්සනට බලාගත්ත සුමතිපාල මිතුරාගෙ කමීසයක් සහ කලිසමක් වගේම මුදලින් රුපියල් 600ක් ඉල්ලාගන දඩයමට පිටත් වෙනව. වනවාසලින් වැදගත් පිට කොච්චියට නැගපු සුමතිපාල මීගමුවෙන් බැහැලා කොච්චිකඩේ හන්දියට ගිහින් නයගරා ගෙස්ට් හවුස් එකට යනව. ගෙස්ට් එකට රුපියල් 100ක් දීලා දවසකට හරියන්න කාමරයක් වෙන් කරවගන ගෙස්ට් හවුස් එකේම නතර වෙනව. කොහොම හරි ගෙස්ට් හවුස් එකේ අයිතිකාර ipගෙ මස්සිනාගෙ කාමරයටයාබද කාමරයක්ම සුමතිපාලට හම්බ උනා. කාමරයට ගිය සැනින් එලියට ආපු සුමතිපාල සෝදිසි කල බැලූ නමුත් ගෙස්ට් හවුස් එකේ මුදලාලි පේන්න නෑ එහෙම්ම බස් එකට නැගපු සුමතිපාල වයික්කාල වලට යනව. වයික්කාල වල ප්‍රසිද්ද පිහි හදන වෙලෙන්දෙක් ලගට යනව. කඩේ පිරෙන්නම පිහි මන්න කැති මාලු කපන පිහි අතර නෙත් යව යවා බලනකොට හොද ශක්තිමත් මන්න පිහියක් අතට ගත්ත සුමතිපාල ඒක මිලට අරගන සිමෙන්ති උරයක ඔතාගන 6.30 දර්ශන වාරයේ දෙමල චිත්‍රපටයකුත් බලලා 9.30ට ආපහු ගෙස්ට් එකට යන්න පිටත් වෙනව.

ගෙස්ට් හවුස් එක ඉස්සරහම හොද මාදිලියක කාර් එකක් නවත්තලා තියනව. ඒ කාර් එක මුදලාලිගෙ බව දැනගත් විගස සුමතිපාල කාමරයට ගිහින් එතනින් වහලෙට නැගලා මිදලාලි ඉන්න කාමරෙ බාතෲම් එකෙන් බැහල කමරෙ ඇද ලගට එනකොට නිරුවත් ගෑනියෙක් එක්ක මුදලාලි ඉන්නව දකිනව. බියට පත් වෙච්ච මුදලාලි හොරෙක් හොරෙක් යනුවෙක් කෑ ගහන්න ගන්නකොට සුමතිපාල සිමෙන්ති කවරෙන් මන්නෙ එලියට අරන් “යකෝ මම කුසුමාවතීගෙ අයියා සුමතිපාල” යනුවෙන් කෑ ගහන ගමන් මුදලාලිගෙ හිස කදෙන් වෙන් කරල දානව. ඝාතනය වෙච්ච ශරීරයට යට වෙලා ලේ විලක් මැද කෑ ගහමින් සිටින නිරුවත් කෙල්ලව පැත්තකට කරලා මුදලාලිගෙ භිසත් මන්නා පිහියත් අතට ගත් සුමතිපාල රාත්‍රියේදිම කොළඹ – පුත්තලම ප්‍රදාන මාර්ගයෙ ඔලුවත් අතේ තියාගන තෙල්වත්ත පොලිස් මුරපල දෙසට වේගෙන් ගමන් කලා.

පාරෙ ඉන්න මිනිස්සු බලන් ඉද්දිම මහ රෑ ඔලුවක් අතේ තියාගන ලේ වැක්කෙරෙන මන්නෙත් එක්කම කිලෝමීටර් 7ක දුරක් ගෙවල තෙල්වත්ත පොලිස් මුරපොලෙ පොලිස් නිලදාරියා ඉදිරියේ පිහිය සහ ඔලුව තියනවත් එක්කම සුමතිපාල සිහසුන්ව ඇදගන වැටෙනව.
මෙවර සුමතිපාලව දාන්නෙ බෝගම්බර නෙමෙයි කෙලින්ම අනුරාදපුර බන්දනාගාරෙට. කලබල කාලෙ කෝලහල කරපු ජඩ මැරයො නිසා අනුරාදපුර බන්දනාගාරෙ එන්න එන්නම පිරිලා ගිහින් තිබුනේ. බෝගම්බරින් පැනල යන අදහස තිබ්බෙ සුමතිට විතරක් උනාට මේ පාර නම් ඒ අදහස ගොඩක් අයට තිබ්බා. මොකද සුමතිපාල ලංකාවෙ ජනප්‍රිය හිරෙන් පැනල යන පුද්ගලයෙක්. ඔහු වටා කීප දෙනෙක්ම එක් වුනා.

Jvp කලබල වලට සම්බන්ද බොහෝ අය සුමති වටේට එක් රොක් උන අතර බෝගම්බර හිර බත් කකා හිටපු මරු සිරාත් අනුරාදපුරය හිර ගෙදරට මාරු කරල යවල තිබ්බෙ. මරුසිරා බෝගම්බර ඉන්න කාලෙ ඉදන්ම සුමතිගෙ යාලුවා නිස සුමති ගැන හොදට දන්නව අනික මරු සිරා jvp එකේ ලොකු ලොකු චරිත ලගින්ම ආශ්‍රය කරපු කෙනෙක්.

කට්ටියම එකතු වෙලා බන්දනාගාරෙ කොනක අහුරලා තියන මලකඩ කාපු පනිට්ටු කොකු 15ක් ගල් වල මැදල කොක්කෙ කොන උල් කරල පොලවෙ තැනින් තැන වලලනව. අනුරාදපුර බන්දනාගාරයෙන් ජවිපෙ සහොදරයන් සහ සුමති එක්ක මරුසිරා පැනල යන්න ලෑස්තියි.

දින ගැන ගැන හිටපු දවස උදා උනා. බන්දනාගාර ප්‍රදාන දොර සම්පූර්නම විවෘත කල දවසක් එදා. ප්‍රදාන දොර සම්පූර්නව අරින බවට දැනගැනීමට යොදවල හිටපු ජවිපෙ ඔත්තු කාර හිරකරුවන් විසින් තම සගයන්ට සංඥා නිකුත් කලා. කන්ඩායමෙ 15ස් දෙනාම සගවපු උල් කොකු වලින් අහු වෙන හැම ජේලර් කෙනෙක්ගෙම පපු ඇස් ඔලු පසාරු වෙන්න ඇනගන දුවල ගිහින් නවත්තලා තිබ්බ බන්දනාගාර වෑන් එකට නැගලා පනගැන්වුවා. කීප දෙනෙක්ම ආයුද ගබඩාවට පැන්න අතර ආයුද කීපයක් හොරකම් කරගන ජේලර්ලට වෙඩි තියාගන බන්දනාගාර වාහනයෙන් අනුරාදපුර සිපිරි ගෙයට සමු දීලා සුමති ඇතුලු කන්ඩායම පැනල යනව.

බන්දනාගාර වෑන් එක පිරෙන්නම ඉන්නව දැන්. සමහරු හුඩ් රැක් එක උඩත් ඉදගන ආයුද සන්නද්දව ඉන්නව. මේ අතර වාරයේ සුමතිද වෑන් එක ඇතුලෙ ශොට් ගන් එකක් අතැතිව හිරෙන් පැනල යන මෙහෙයුමෙ පෙරමුනේම ඉන්නව. යන පාර දෙපස මිනිස්සු පුදුම වෙලා බලන් ඉන්නව. සමහරු ඔලුවෙ අත ගහගත්තෙ ජවිපයෙ හන්දි ගානෙ ගිනි කෙලි පෙන්නපු උන් ආපහු හිරෙන් එලියට පැන්නනෙ කියන භීතියට.
අනුරාදපුර බන්දනාගාරයෙ ඉදන් විලච්චිය පාර දිගේ යන බන්දනාගාර වාහනය සැතපුම් 8ක් පමන දුර ගිහින් රියදුරුගෙ අත් වරදකින් පාර අයිනෙම වීර ගහක වාහනය හැප්පෙනව. සිර කරුවො සියල්ලම පාහෙ මල්වතු ඔයට උතුරින් තියන කැලෑවකට රින්ගා ගත් අතර මොලේ පාවිච්චි කරපු මරු සිරා සුමතිවයි ලයනල්වයි එක්කගන පුලියන්කුලම කැලේට මාරු වෙනව. ජවිපියෙ සහෝදර රැල මල්වතු ඔයට උතිරින් තියන වනන්තරයෙ වනගත වෙලා හිටපු ජේවිපි කන්ඩායම් එක්ක එකතු උනා.

සෝමපාල, ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජවිපේ නායකයන් මේ සිද්දියෙන් පස්සෙ තවත් සංවිදානය වෙලා අනුරාදපුර බන්දනාගාරය දෙවෙනි පාරටත් කඩනව.

පුලියන්කුලම කැලේට පැනල ගියපු මරු සිරාගෙන් සුමති සමු අරගන ගල්ගමුවෙ මිතුරකුගෙ දිහාටත් එතනින් වස්කඩුවෙ මිතුරකුගෙ නිවසකටත් එනව. වස්කඩුවෙ ඉන්න කාලෙදි විශේෂ සිද්දි දෙකක් වෙනව. ඒ තමා ජේවිපි උන් අනුරාදපුර බන්දනාගාරය දෙවෙනි පාරටත් කඩන එක. අනිත් එක තමා සුමතිගෙ තාත්තා මේ ලෝකෙ අතෑරල යන සිදුවීම.

නංගි, අම්මා, සහ තාත්තා මේ ලෝකෙ සුමතිව අත හැරල ගිහින් අවසන්. කලුතර විදුහල්පති වගේම ආරච්චිකට්ටුවෙ මස් කඩ මුදලාලියත් තාම ජීවත් වෙනව. උන් එක්ක තියන වෛරය සංසිදුවන්නයි දැන් සැරසෙන්නෙ.

තෙවන ඝාතනය

වස්කඩුවෙ ඉදන් බයිසිකලයක් මිතුරාගෙන් ඉල්ලගන සුමතිපාල කලුතර විදුහල්පතිගෙ නිවස හොයාගන පිස්සෙක් වගේ සැරිසරනව. කොහොම හරි පැය ගානක් මහන්සි වෙලා විදුහල්පතිගෙ නිවස කොහොම හරි සුමතිපාල හොයාගන්නව විශාල වත්තක් මැද වලව්වක් වගේ ගෙයක තමා විදුහල්පති ජීවත් වෙන්නෙ. වත්ත ඇතුලට බයිසිකලය දාපු සුමතිපාල ගේ දොරකඩටම යන සුමති දකිනව වටේම තියන කෙසෙල් පදුරු ටික. දොරකඩට යනව එක්කම විදුහල්පතිගෙ නෝනා යැයි සිතිය හැකි ගෑනු කෙනෙක් එලියට පැමිනෙනව. කෙසෙල් කපන්නෙකු විදියට කතා බහට වැටුන සුමති නෝනා එක්ක කතා බහ කරන් ඉද්දිම සුමතිට අවශ්‍ය පුද්ගකයා පරන Honda මාදිලියක බයික් එකකින් විදුහල්පති ගෙදර එනව.

පෙනුම හැඩරුව දිහා හිතේ වෛරය කැටි කරගන මූනෙ සිනාවක් පාගන හිනා උන සුමති ආපහු බයිසිකලය අරගන පිට වෙනව.

සුමතිපාල කෙලින්ම බයිසිකලය අරගන පයාගල රේන්ද වාඩියේ මාමා කෙනෙක් හම්බ වෙන්න යනව. රේන්ද වාඩියෙ මාමා පියාගෙ හොද යාලුවෙක් ඒත් පුන්චි කාලෙ දැක්කට පස්සෙ ආපහු සුමතිව ඒ මාමා දකින්නෙ එදාම නිසා වැඩිය මතකයක් නෑ. පයාගල මාමාගෙන් හොද මුවහත් මල් කපන (රා මදින පිහියක්) පිහියක් ඉල්ලගන්නව. ජීවිතේම නැති කරපු පව්කාරයගෙ මූන දැකපු වෙලේ ඉදන් කැති ගාලා දාන්න නොයිවසිල්ලෙන් ඉන්න සුමතිපාල පිහියත් අරගන රාත්‍රී 10 වගේ වෙනකම් එහෙ මෙහෙ කරක් ගගහා ඉදලා 10ට විතර පිටත් වෙනව විදුහල්පතිගෙ ගෙවල් පැත්තට. මැදියම් රැයේ කෙසෙල් පදුරු වලට මුවා වෙලා ඉන්න සුමතිට ටිකක් නින්ද යනව. පාන්දර 5ට වගේ එක පාරම පනිට්ටු කොක්ක පනිට්ටුවෙ වදින සද්දයක් ආව නිසාම සුමතිට ඇහරෙනව. පනිට්ටුවකුත් අරගන විදුහල්පතිතුමා පාන්දරම වැසිකිලියට යමිනුයි ඉන්නෙ.

වැසිකිලියට යනකම් හිටපු සුමති වැසිකිලිය පැත්තකින් තියන කවුලුවෙන් එබෙනව එක්කම කුප්පි ලාම්පුව සුමති පැත්තට හරවපු විදුහල්පති දැක්කෙ උඩු රැවුලක් තියන නාබර වයසෙ තරුනයෙක්ව. “කවුද යකෝ මේ ?” යනුවෙන් කෑ ගහපු විදුහල්පති දොර අරින්න නැගිටින සැනින් පොල් පිත්තෙන් බිමට බැහැපු සුමති දොර ඇරගන “මම තොපි මරපු කුසුමගෙ අයියා යකෝ” යනුවෙන් හඩ නගනවත් එක්කම ගිහින් විදුහල්පතිගෙ බෙල්ලටම පිහි පාර දුන්නා. හිස නැති කවන්දය ලැට් එක ඇතුලෙම ලේ ගලාගන වැටුන අතර හිස අතට ගත්ත සුමති ගෝනියකට හිසත් මල් කපන පිහියත් දාගන බයිසිකලයත් අරන් කලුතර පොලිසි රාලහාමිගෙ නිල නිවසට ගියා “ඕන් මහත්තයො මන් අනිකවත් ඉවර කෙරුවා” යැයි පවසා ගෝනියෙ තිබ්බ ඔලුව බිමට හැලුවා.

මේ පාර සුමතිව යැව්වෙ වැලිකඩට. වැලිකඩ හිර ගෙදර ඉන්නකොට අහන්න ලැබෙනව මරු සිරා අනුරාදපුර විජයපුර වතුර ටැන්කිය ලගදි දිවි නසාගන්න හදපු මරුසිරාව අල්ලගත්තා කියල (වෙඩි තියාගත්තට මරුසිරා මැරුනෙ නෑ).

වැලිකඩ, බෝගම්බර, අනුරාදපුර බන්දනාගාර වල හිර කාරයො හැමෝම දන්නව සුමති කියන්නෙ යක්ශයෙක් කියල. ඒ නිසාම වයස් බේදයකින් තොරව වැලිකඩ හිර කාරයො සුමතිට ගෞරව කරන්න ගන්නව. ඒ වගේම සුමති එනකොට නවක සිරකරුවො එහෙම බයයි දැන්. ඒ වගේම කෑම පෝලිමේදි පවා සුමතිට වැඩිපුර බත් සමග අමතර මස් කෑල්ලක් ලබන්න තරම්ම තමන්ගේ ආධිපත්‍ය පතුරවගන්නව. මේ ජාතියෙ වැඩකාරයන් විදියට ඉන්න ලොකු හිරකාරයො ඉන්නෙම බන්දනාගාර රෝහල් වල සැපට ජීවිතෙ ගෙවමින්. ඒත් සුමති සාමන්‍ය හිරකාරයො එක්ක කූඩුවෙයි ජීවත් උනේ.

මේ අතර සුමතිට ආරන්චියක් එනව සුමතිට සතුරෙක් ඉන්න බවට. දඩයක්කාරයා වගේ ගොදුරු ඩැහගන ඩැහගන යනකොට තරහකාරයො හැදෙන එක සාමන්‍යයි. මාසෙක අච්චුවකට හිරේට ආපු කෙනෙක්. විස්තර හොයා බැලීමෙන් සුමති දැනගන්නව ජා ඇල ප්‍රදේශයෙ ඉදන් ආපු කෙනෙක් කියල. නම ලක්ශමන්. වරද ගංජා විකිනීම. දඩ මුදල් නොගෙවීම නිසා හිරේ දාල තියෙන්නෙ. නිකන් හිතලම හිරේ ඇවිල්ල වගේ.

මේක නම් අනිවාරයෙන්ම ආරච්චිකට්ටුවෙ ගැස්ටන් මුදලාලිගෙ වැඩක් කියල සුමති දැනගන්නව. රෑ නින්දට යනකොට ඉතාමත් විමසිල්ලෙන් හිටපු සුමති දවස් ගානක් යනකම් සෝදිසියෙන් හිටියත් මූනට මූන හම්බෙන ගන්ජා ලක්ශමන් කතා බහ නොකරයි. ඒත් සුමති ලගම ගැවසෙන්න ගන්ජා ලක්ශ්මන් වගබලා ගන්නව. ගන්ජා ලක්ශමන්ගෙ අච්චුව ඉවර වෙන්න තියෙන්නෙ තව දවස් 14යි. 40ක සිරකරුවන් සමග ගන්ජ ලක්ශ්මන් සහ සුමති එකම හිර මැදිරියක තමා නින්දට යන්නෙ. අවදානම් නින්දක් ලබන සුමතිට ඉවෙන් වගෙ දැනෙනව කොයි වෙලේ හෝ ගන්ජා ලක්ශ්මන් තමන්ට වැඩේ දෙනව කියල.

ගන්ජා ලක්ශමන් නිදහස් වෙලා යන්න තව දවස් 4යි තියෙන්නෙ අවසන් දවස් ටිකෙ සුමති නිදාගත්තෙවත් නෑ. අන්තිම දවසෙ රෑ ගන්ජා ලක්ශ්මන්ට පැවරුන රාජකාරිය පටන් ගන්නව.

අවසන් දවස් 3ම නිදාගත්තෙ නැති සුමතිට දැන් ගොඩක් තෙහෙට්ටුයි. අවසන් රාත්‍රියේ පාන්දර වෙනකම් ඇහරල හිටිය සුමතිට පාන්දරජාමෙ නින්ද යනව. නින්ද පැය බාගයක් යන්න ඇති හෙනයක් ගැහුවා වගෙ ගන්ජා ලක්ශ්මන් සුමතිගෙ වම් ඇහ ලගට උල් ආයුදයකින් අනිනවා. නිදිමරගාතෙ ඇස් නිලන්කාර වෙලා ලේ පෙරාගන ඉන්න සුමති ඇහ ලගට ඇනුන උල අතට අරන් ගන්ජා ලක්ශ්මන් පෙරලාගන ලක්ශ්මන්ගෙ මූන තලපයක් කරල දානව. තුන් දෙනෙක්ගෙ ඔලු ගලවපු සුමතිට ගන්ජා කාරයෙක් කියන්නෙ මහ ලොකු කජ්ජක් නෙමෙයි. ලේ විලක් මැද සිර කරුවන් 40ම බිය ගන්වමින් ගන්ජා ලක්ශ්මන් හිර මැදිරියේම මැරිල ගියා.

මේ සිද්දියෙන් පස්සෙ කොලඹ ජාතික රෝහලෙ මාසෙකට වඩා කාලයක් සුමතිපාල ප්‍රතිකාර අරගන තියනව. යකඩ උල ඇහට ඇනිලා නැති නිසා පෙනීමේ ආබාදයක් නැති උනත් ඇහ ලගට ඇනපු පාර කටෙ උඩු තල්ල හිල් කරගන ගිහිල්ලයි තිබුනේ. තත්වය පාලනය කරපු වෛද්‍යවරු මාසෙකට පස්සෙ සුමතිව ආය හිරේට එවනව.

නයාට ගහල පොල්ල වරද්දගත්ත ගැස්ටන් මස් කඩ මුදලාලි තමන්ගෙම ඉරනම හොදහැටි සුමතිපාල ලවා තීන්දුකරගන්නව.

මේ අතර ශල්‍යකර්ම කීපයකින්ම පන ගහල ආපු මරු සිරාවයි ලයනල්වයි අනුරාදපුර විශේශ සිරමැදිරියකට දානව. ඔය ඔක්කොම වෙන අතරවාරයේදි ඒ සිර මැදිරියටම වැලිකඩ හිටපු සුමතිපාලවත් මාරු කරල යවනව. ආය ඔන්න ජාඩියට මූඩිය සෙට් වෙන වෙලාව.. දෙන්න එකතු උනා කියන්නෙ ලන්කාවම පෙරලයි.

ලයනල්, මරුසිරා, සුමතිපාල යන තුන් දෙනාම උසාවි එක්කන් යන්නෙ විශේශ බන්දනාගාර වෑන් වල. මේ අයගෙ ජනප්‍රියත්වය නිසාම උසාවිය මග රැකගෙන සෙනග රැස් වෙලා බලාගන ඉන්නව. අපරාදකාරයො උනත් මෙහෙමත් උන් ඉන්නවද කියල ලන්කාවෙ මිනිස්සුන්ව පුදුම කරපු චරිත තුනක් තමා මේ තුන් දෙනා.

සුමතිව ආපහු වැලිකඩ යවන්න තමා සූදානම් කරන්නෙ. වැලිකඩ යැව්වොත් පැනල යන එක හීනයක් කියල දැනගත්ත සුමති මරුසිරා එක්ක සෙට් වෙලා දෙවෙනි පැනයාම ගැන සැලසුම් කරනව. මොකද සුමතියි සිරායි දන්නව අනුරාදපුර බන්දනාගාරෙ දුර්වලතා.

සිරා මේකට එක පයින්ම කැමති වෙනව මොකද සිරාව එල්ලන්න තීන්දු කරල තියෙන්නෙ. මේ අය එක්ක මේ පාර සෙට් වෙනව ලන්කාවෙ බෝම්බ මාස්ටර් සීමන් සිල්වා. බෝම්බ වලට කොච්චර ප්‍රවීනයෙක්ද කියනව නම් සීමන්ගෙ එක අතක මහපට ඇගිල්ලයි දඹර ඇගිල්ලයි නෑ. මේ වාසිය නිසාම ඕන වෙලාවක මාන්චු පන්නගැනීමෙ විශේශ කුසලතාවක් සීමන් සිල්වාට තියනව.

එදා සදුදා දවසක් සීමන් සිල්වා , පියසෙන සහ සුමතිපාල මහෙස්තාත් උසාවියටත් මරු සිරාව මහාධිකරනයටත් ගෙනියන්න තමා සූදානම.
කරුමෙට එදා පටවගන යන වාහනෙ කාර්මික දෝශයක් නිසා 4 ශ්‍රී ඔස්ටින් එකකට සිරා, සුමති, සීමන්, පියසේන යන හතර දෙනාම දාලා ඉස්සරහින් ශොට් ගන් දෙකක් එක්ක පොලිසියෙන් නගිනව. සිරාට හැර අනික් අයට වසරක සිර දඩුවමක් විදින්න තීරනය උන අතර සිරාගෙ තීන්දුව දින කීපයකින් කල් ගියා.

නඩු ඉවර වෙලා යන අතර වාරයේ කදිරේෂන් කෝවිල පහු වෙනව එක්කම ඇගිලි නැති සීමන් මාන්චු කුට්ටම අතින් පන්නගන්නව එක්කම දක්ශ පිට් පොකට් කාරයෙක් උන පියසේන පොල්සි නිලදාරියගෙන් යතුර උස්සනව. හතර දෙනාම හීන් සැරෙ මාන්චු ගලවගන්න අතට පියසේන රියදුරාගෙ බෙල්ලෙන් අල්ලගන්නව. වාහනය ගිහින් මල් වතු ඔය පාලම් ගැට්ටෙ වදිනව. එලියට විසි උන ජේලර් මහත්තයා මරු සිරාව මරන්න ශොට් ගන් එක දික් කල නමුත් සුමතිපාල ජේලර් මහත්තයව බිම පෙරලගන පහර දෙන්න ගන්නව.

කාර් එක පනගන්වපු ලයනල් සහ කන්ඩායම කාර් එකට නගිනව. 303 වර්ගයේ රයිෆල් එකක් උදුරගන්න මරුසිරාද තුවක්කුව එලියට දික් කරගන කාර් එකේ පිටිපස්ස අසුනෙ දකුන පැත්තට නගිනව. වම් පැත්තෙ රිපීටර් ශොට් ගන් එකක් ගත්ත හිතුමතේ ජනෙල් කවුලුවෙන් එලියට ඉලක්ක කරගන එතනින් පැනල ගියා.

වාහනය නවත්තලා කැලෑ මැද්දෙන් ඇවිදගන පැනල ගියපු කන්ඩායම මිතුරෙකුගෙ හේනකට ගියේ මරුසිරාගෙ පැරනි මිත්‍රයෙක් මුනගැහීමටයි. එදා රෑ හේනෙම නැවතිලා හිටපු මේ කන්ඩායම පසු දිනත් හේනටම වෙලා ඉන්නව. මේ අතරවාරයෙ මරුසිරාගෙ නඩු තීන්දුවේදි මරු සිරා නොමැතිව තීන්දුව උසාවියෙන් ලැබෙනව. ඒ තමා මරන දඩුවම. සිරා අහු උනොත් අනිවාරයෙන්ම දැන් මැරෙන්න වෙනව කිසිම බේරිල්ලක් නෑ.

මරු සිරාගෙ පපුවෙ ගහපු පච්චයක් තියනව ලන්කාවෙ අදටත් ප්‍රසිද්ද. ඒ තමා “මරුවා සමග වාසෙ” මේ පච්චය දැකපු සුමතිපාලට පච්චයක් කොටාගන්න ආසාවක් එනව. එදාම පච්ච කොටන ආම්පන්න ටිකක් මිතුරා ලවා හේනට ගෙන්නගන තමන්ට ආස කරන පච්චා කොටාගන්නව. සුමතිපාල කියන්නෙ තමන්ගෙ හිතු මනාපෙට ජීවත් වෙන චරුතයක් නිසා මරු සිරා අතින්ම සුමතිගෙ පපුවෙ කොටනව “හිතුමතේ ජීවිතේ” කියල. ඒ වගේම මරු සිරා විසින්ම සුමතිගෙ අතේ කොටනව “කුසුමා ඔබ නිසා” කියල. ආදරනීය සහෝදරයකුගේ ඉරනම වෙනස් කරපු තමන්ගෙ නංගිට ආදරය කල තරම හිතුමතේ ජීවිතේගේ මේ ක්‍රියාදාම වලින් අපිට හිතාගන්න පුලුවන්.

අනුරාදපුර නගරය කියන්නෙ ලන්කාවෙ විශාලතම ප්‍රදේශයක් තුල පැතිරිලා තියන නගරයක්. කැලෑ මාර්ග අදටත් අපිට දකින්න ලැබෙනව ඒ නිසාම හැම අතුරු පාරකම හැම කැලෑ මාර්ගයකම පොලිසිය සහ හමුදාව දාල ආරක්ශාව තර කරනව.

දවසක් අවේලාවෙ සීමන් යනව කෑම කඩයකට කෑම පාර්සල් ටිකක් ගන්න. මේ සිදුවීම කඩේ පුද්ගලයා පොලිසියට කියනව ඇගිලි නැති එකෙක් ඇවිල්ල කෑම ගත්තා කියල.

සීමන් ගිය පාරෙ ලුහුබැදපු පොලිස් නිලදාරින් සීමන්ව අල්ල ගන්නව වගේම සිරාගෙ කන්ඩායම මගකදි මූනට මූන මුනගැහෙනව. කන්ඩායම වෙනුවෙන් මැරුනත් කමක් නෑ කියල හිතපු මරු සිරා පොලිස් නිලදාරින් ඉන්න පැත්ත දුවල ගිහින් සාජන් මහත්තයගෙ ඇගට පනිනව. ඒ වැඩෙ මරු සිරා කරන්නෙ කන්ඩායමට පැනල යන්න පහසු වෙන්නයි. මොකද පොලිසියට අත්‍යවශ්‍යම පුද්ගලයා මරුසිරා.
සී සීකඩ දුවපු කන්ඩායමෙ සාමජික ලයනල්ව පරණ වැව් බැම්මක් උඩදි මුන ගැහෙනව. ලයනල් සහ පියසේන අනුරාදපුර ඉන්න එක බයානක නිසා අනුරාදපුරෙන් පිටවෙලා ගියත් සුමතිපාල ආපහු හේනක් කරගන ඉන්න මිතුරට හේන කරගන යන්න උදව් වෙලා එහෙට වෙලා හැන්ගිලා ඉන්නව.

අස්වැනු නෙලන කාලෙ වට්ටක්කා අස්වැන්න සමග වට්ටක්කා පුරවගත්ත ලොරියට ජටාවක් බැදගන කොළඹ යන්න පිටත් වෙන වට්ටක්කා ලොරියට නැගපු සුමතිපාල අනුරාදපුරට ආයුබෝවන් කියන්න හොදම ක්‍රමය මේක කියල හිතාගන වට්ටක්ක ලොරියට නැගල කුරුනෑගලින් බැහගන්නව.

කුරුනෑගලින් කටුපොතට ගිය සුමතිපාල මිතුරෙකුගෙ ගෙදරට ගිහින් තමන්ගෙ ඊලග දඩයමට සූදානම් වෙන්න ගන්නව.

හතරවන ඝාතනය

මෝටර් සයිකල් පදින්න පුහුනුවක් නැති සුමති රත්නෙගෙ මෝට සයිකල් එක පුහුනු වෙලා දවසක් ආරච්චි කට්ටුවටයනව. දැන් ඉතින් දන්නවනෙ ආරච්චි කට්ටුවට යන්නෙ ඇයි කියල.

ආරච්චිකට්ටුවෙ හන්දියෙන් හලාවතට යනකොට ගැස්ටන් මුදලාලිගෙ නිවස හොයාගන්නව. ගැස්ටන් මුදලාලිව අනෙක් ගොදුරු වගෙ නෙමෙයි දවස් 3ක් විතර නිරීක්ශනය කරනව. දින තුනේම 4.30 – 5 අතර මුදලාලි අනිවාරයෙන්ම ගෙදර එන බවට සුමතිපාල දැනගන්නව. 4.30 – 5 කියන්නෙ මුදලාලිට ගෙදර එන වෙලාව උනාට සුමතිපාලට ඒක තමා මරණයේ පැය බාගය. මස් කඩ පෝලිම ඉස්සරහම. මුදලාලිව මැරුවොත් ඌරෙක් කොටනව වගේ සුමතිටත් පරලොව යන්න වෙන නිසාමයි දින තුනක් විතර නිරීක්ශනය කරල ගෙදර ඉන්න වෙලාවක්ම තෝරගන්නෙ.

මල් වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ කම්හලකට යන සුමතිපාල හොද කම්මල් කාරයෙක් ලවා පොල් කඩන කෙක්කකට දාන්න කියල හොද මුවහත් පිහියක් හදාගන්නව. පිහියෙ වැඩ දින කීපයකින් අවසන් උනාට පස්සෙ යනව ගැස්ටන් මුදලාලිව බැහ දකින්න. ගෝනියකට පිහිය ඔබාගන මුදලාලිගෙ ගෙවල් අසල බයිසිකලය නවත්තලා වත්තෙ තියන විශාල මාර ගහ යට මුවා වෙලා මුදලාලි එනකම් රැකගන ඉන්නව.

මුවා වෙලා හිටපු සුමතිපාල පිහිය පිටිපස්සට කරගන ගේ ලග නවත්තපු ගැස්ටන් මුදලාලිගෙ කාර් එක ලගට එනව. රෞද්‍ර ඇස් දෙකක් සමග දුශ්ට සිනහවකින් සැරසිලා පොඩි මනුස්සයෙක් එනව දැකපු කාර් එකෙන් බැහැපු මුදලාලි හිතුවෙ මුදල් හොරකමෙ එන එකෙක් කියල.

හොරෙක් කියල හිතලම මුදල්.මිටිය කිහිල්ලෙ ගහගත්ත ගැස්ටන් මුදලාලි. “කවුද මිනිහො උඹ යනුවෙන්” කෑ ගහන්න ගත්ත. අනික් ඝාතන වලදි වගෙ මේ පාර කිසිම කලබලයක් දැක්වුවෙ නෑ මොකද මේ අන්තිම ගොදුර. පැනල යන්න දිහාක් නෑ පැනල ගියත් ගෙට තමා දුවන්න වෙන්නෙ.

රෞද්‍ර සිනහවකින් සැරසිලා පිහිය පසකට කරගන හිමින් හිමින් අඩිය තියන් සුමතිපාල.මුදලාලි ලගට ආවා.

“මුදලාලි මහත්තයෝ මම සුමතිපාල, කුසුමාවතීගෙ අයියා”

නම ගම විස්තර දැනගන හිරේට ගන්ජා ලක්ශ්මන්ව යැව්වත් කවදාවත් සුමතිව මුදලාලි දැකල තිබ්බෙ නෑ. කාර් එක පැත්තට හැරුන මුදලාලිගෙ හිස කදෙන් වෙන් කලා.

පලිය අරන් ඉවරයි. මුදලාලිගෙ බෙල්ලයි කදයි වෙන වෙනම වෙන් කලා. කවන්දය උඩට පිහිය විසි කරපු හිතුමතේ මෙවර කිසිම දෙයක් රැගන ගියේ නෑ. රත්නෙගෙ බයික් එක පනගන්වගන ආපහු රත්නෙගෙ ගෙදරට යන්න පිට වුනා.

රාත්‍රිය රත්නෙගෙ ගෙදර ගත කරපු සුමතිපාල පහුවදා උදේම ලෑන් මාස්ටර් එකකින් හලාවත යන කොලුවෙක් එක්ක හලාවත ටවුන් එකට එනව. එතනින් පොලිස් ස්තානයක් හොයාගන ගියපු සුමතිපාල නිලදාරියාට තමන් කවුද කියන එක හදුන්වලා දෙනව. ඒ වගේම පොලිසියට කියල සති දෙකක නිදහස් කාලයක් ඉල්ලගන්න හිතුමතේ නිවස සහ ඉඩම් සියල්ල ගමේ පන්සලට පවරලා දීලා පියාට මවට සහ නැගනියට පින් අනුමෝදන් කරල සති දෙකකට පස්සෙ මුලින් හිටපු බෝගම්බරට යවනව.

එහෙට යනකොට පරන ජාඩියට මූඩිය වගෙ හිටිය මරුසිරාව ආපහු සුමතිට මුන ගැහුනත් මරුසිරා එල්ලා මැරීමෙන් පස්සෙ සුමතිපාල තනි වෙනව.

(මරු සිරාගෙ මරණ දන්ඩනය ඒ කාලෙ ලොකුවටම පැතිරුන දෙයක්. මොකද කට කතා වලට අනුව මරු සිරාව මරලා තමා එල්ලලා තියෙන්නෙ. මේ සිදුවීම ලන්කාවෙ මරන දන්ඩනය තනනම් කිරීමට තරම් හේතුවක් උනා)

මරු සිරා හැම දාම වගෙ සුමතිපාලට ආදරෙන් සැලකුවා. සුමතිපාලව බේරන්න ගිහින් අනුරාදපුරදි පොලිසියට කොටු උනා වගේම දෛවයෙන් බැදිලා හිටපු මරු සිරාගෙ අභිරහස් එල්ලා මැරීම නිසාම විලියම් ගොපල්ලව මහත්තයා මරන දන්ඩනය අත් හිටුවපු නිසා සුමතිපාලට වසර 90ක හිර දඩුවමක් නියම වෙනව.

B D Sumathipala 1

වසර 90කට සිරගත කල සුමතිට ලොකු ලොකු යාලුවො ගොඩක් හම්බ වෙනව. එයින් එක්කෙනෙක් තමා වර්තමාන අගමැති වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජයවීර, විජය කුමාරතුන්ග, නන්දන මාරසිංහ වගේ රටේ කීර්ති නාමයක් තියාගත්ත අය එක්ක එකම හිර කුටිය බෙදාගන දඩුවම් විදලා තියනව.

2013 නොවැම්බර් 24 වෙනිද හොද කල්කිරියාව වගේම දැනහැදුනුන්කම හිරේදි කල උදව් වලට කෘතගුණ සැලකීමක් විදියට මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා සුමතිපාලට සමාව දීලා නිදහස් කරනව.

17 වියේදි හිරේට පැමිනි සුමතිපාල වසර 41ක් සිර දඩුවම් විදලා 4 පාරක් එල්ලුම් ගහට නියම වෙලාත් බේරිලා වයස 58දි නිදහස් වෙලා එලියට එනව.

දැන් ඔහු පවරලා දුන්න නිවස් සහ ඉඩම් හිමි ගමේ පන්සලේ හාමුදුරුවන්ට වගේම ගමේ අයට සේවය කරගන නිදහස් ජීවිතයක් ගත කරගන ඉන්නව.

ඕක තමා සහෝදර සෙනෙහස ලංකාවට කියා දීපු නීතියට ඝාතකයෙක් වෙච්ච හිතුමතේ ජීවිතේගෙ කතාව.

P.s මෙය ලංකාවේ සිදු වූ සත්‍ය කතාවක් වන අතර මෙම ලිපිය අන්තර්ජාලයෙන් (Facebook) උපුටා ගන්නා ලදි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: